අංශ

සැලසුම් අංශයේ කාර්ය භාරය

  1. අංශයේ දෛනික තැපෑල සම්බන්ධ කටයුතු

  2. තොග ලේඛනය සහ ඉන්වෙන්ට්‍රි යාවත්කාලීනව පවත්වාගෙන යාම.

  3. මානව භෞතික අවශ්‍යතා සපුරා ගැනීම. (i) අවශ්‍ය මානව සම්පත් පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පරිපාලන නිලධාරි දැනුවත් කිරීම. (ii) අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් ගණකාධිකාරි දැනුවත් කිරීම. (iii) අවශ්‍ය භෞතික සම්පත් සම්බන්ධයෙන් ගණකාධිකාරි දැනුවත් කිරීම.

  4. පාසල් ව්‍යුහ කටයුතු (i) 1,6 ශ්‍රේණියේ සමාන්තර පන්ති වැඩි කිරීම. (ii) අ.පො.ස උසස් පෙළ විෂය ධාරා ආරම්භ කිරීම. (iii) පාසල් ද්විතීයික අංශය ආරම්භ කිරීම. (iv) ප්‍රාථමික අංශය ක්‍රියාත්මක කිරීම. (v) නව පාසල් ආරම්භ කිරීම. (vi) පාසල් නම් වෙනස් කිරීම. (vii) පාසල් ඒකාබද්ධ කිරීම. (viii) පාසල් වසා දැමීම. (ix) පාසල් ප්‍රතිව්‍යූහගත කිරීම.

  5. අයවැය කථාව සම්බන්ධ කටයුතු

  6. කාර්යසාධන වාර්තාව සම්බන්ධ කටයුතු

  7. වෙනත් පාර්ශව වෙත තොරතුරු ලබා දීම. I. පළාත් ආණ්ඩුකාරතුමා II. ප්‍රධාන ලේකම් III. පළාත් පෙත්සම් කාරක සභාව IV. පළාත් ගිණුම් කාරක සභාව V. අල්ලස් කොමිසම VI. රේඛීය අධ්‍යාපන ලේකම් VII. පළාත් අධ්‍යාපන ලේකම් VIII. පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාව IX. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව X. පළාත් උපදේශක කාරක සභාව XI. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව XII. සහකාර විගණකාධිපති / විගණකාධිපති විසින් ඉදිරිපත් කරන විගණන විමසුම් හා විගණන ජේද වලට පිළිතුරු නියමිත කාලය තුල ඉදිරිපත් කිරීම.

  8. සියළු ජාතික විභාග ප්‍රතිඵල කලාප කාර්යාල මඟින් ගෙන්වා ගැනීම, සාරාංශ කිරීම, විශ්ලේෂණ වාර්තා සකස් කිරීම.

  9. දකුණු පළාත් සංවර්ධන සැලැස්ම

  10. මන්ත්‍රි ප්‍රතිපාදන සම්බන්ධ කටයුතු

  11. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ව්‍යාපෘති

  12. ශිෂ්‍ය තොරතුරු පද්ධතිය පවත්වා ගෙන යාම.

  13. සනීපාරක්ෂාව පෙරට ව්‍යාපෘතියේ මාසික ප්‍රගතිය සකස් කර රේඛීය අ.ලේ ට යැවීම.

  14. තොරතුරු තාක්ෂණ විෂයට අදාල රාජකාරි

  15. පුස්තකාල විෂයට අදාල රාජකාරි

  16. ගුණාත්මක යෙදවුම් මුදල් පිළිබඳ රාජකාරි

  17. පරිගණක සම්පත් මධ්‍යස්ථාන සම්බන්ධ කටයුතු

  18. කොට්ඨාශ කලාප පාසල් ගොඩනැගිලි ඉදිකිරීම් අලුත්වැඩියා සම්බන්ධ කටයුතු

  19. දිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි ඉංජිනේරු සේවා ) සම්බන්ධව සිදුකරන රාජකාරි

  20. සිහිවටන ඵලක ගොනු පවත්වා ගෙනයාම සහ අනුමැතියම ඉදිරිපත් කිරීම.

  21. පෞද්ගලික ධන පරිත්‍යාග මත සිචුකරන ඉදිකිරීම් සම්බන්ධ කටයුතු

  22. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු

  23. ද්විතීයික පාසල් සහ පෝෂිත පාසල් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ කටයුතු

  24. තාක්ෂණික විද්‍යාගාර, තාක්ෂණික පීඨ සම්බන්ධ රාජකාරි

  25. මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීම.

  26. පාසල් නගා සිටුවීමේ වැඩසටහන සම්බන්ධ කටයුතු

  27. ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.

  28. කලාප අධ්‍යාපන කාර්යාල 1 කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ශක්තිමත් කිරීමට අදාල භෞතික සම්පත් සපයා දීම පිළිබඳ තොරතුරු රැස් කිරීම සහ වාර්තා සැකසීම.

  29. දේශීය විදේශීය ධාරිතා සන්වර්ධන වැඩසටහන් සම්බන්ධ කටයුතු

  30. පාසල් සංගතානයට අදාල සියලු කටයුතු සහ ඒ අනුව අදාල සාරාංශ වාර්තා සැකසීම.

  31. NEMIS ව්‍යාපෘතිය සම්බන්ධ රාජකාරි

  32. ගුරු තොරතුරු යාවත්කාලීන කිරීම සම්බන්ධ කටයුතු

  33. දකුණු පළාත් සේවයේ නියුතු අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම.

  34. දකුණු පළාත් සේවයේ නියුතු විදුහල්පති තොරතුරු යාවත්කාලීන කිරීම.

  35. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය

  36. පාසල් සංගණනයට අදාල රාජකාරි

  37. දකුණු පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයට අදාල රාජකාරී

  38. කාර්යාල පරිගණක ජාලය සම්බන්ධ සම්බන්ධීකරණය

  39. ලංකා රාජ්‍ය ජාලය (LGN) සම්බන්ධ රාජකාරී

  40. ආංශික සංවර්ධන සැලැස්මට අදාල රාජකාරී

  41. පස් අවුරුදු සැලැස්මට අදාල රාජකාරී

  42. සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාසික ප්‍රගති සමාලෝචනය

  43. SBLIG - පාසල් පාදක ඉගෙනුම් සංවර්ධන ප්‍රදාන ලබා දීම පිළිබඳ තොරතුරු පවත්වා ගැනීම.

දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
භාගත කිරීම්
2020 වර්ෂයේ රජයේ නිවාඩු දින
අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය
අධ්‍යාපන ආයතන තොරතුරු සංග්‍රහය මෙතැනින් භාගත කර ගන්න.

Department of Education Southern Province SPEDU