අංශ

සැලසුම් අංශයේ කාර්ය භාරය

  1. ආංශික සංවර්ධන සැලැස්මට අදාළ රාජකාරී

  2. පස් අවුරුදු සැලැස්මට අදාළ රාජකාරී

  3. සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගති සමාලෝචනය හා නියාමනය

  4. දත්ත කළමනාකරණය සහ තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම.

  5. පාසල් සංගණනයට අදාළ රාජකාරී

  6. පාසල් ව්‍යූහ කටයුතු,
    (i) 1,6 ශ්‍රේණියේ සමාන්තර පන්ති වැඩි කිරීම.
    (ii) අ.පො.ස උසස් පෙළ විෂය ධාරා ආරම්භ කිරීම.
    (iii) පාසල් ද්විතීයික අංශය ආරම්භ කිරීම.
    (iv) ප්‍රාථමික අංශය ක්‍රියාත්මක කිරීම.
    (v) නව පාසල් ආරම්භ කිරීම.
    (vi) පාසල් නම් වෙනස් කිරීම.
    (vii) පාසල් ඒකාබද්ධ කිරීම.
    (viii) පාසල් වසා දැමීම.
    (ix) පාසල් ප්‍රතිව්‍යූහගත කිරීම.

  7. පාසල් නගා සිටුවීමේ වැඩසටහන සම්බන්ධ කටයුතු

  8. 54/2023 චක්‍රෙල්ඛය ප්‍රකාරව පාසල් වාර්ෂික ඇස්තමේන්තු අනුමත කිරීම.

  9. SBLEG පාසල් පාදක ඉගෙනුම් සංවර්ධන ප්‍රදාන ලබා දීම පිළිබඳ තොරතුරු පවත්වා ගැනීම පිළිබඳ තොරතුරු පවත්වා ගැනීම.

  10. සැලසුම් අංශයේ දෛනික තැපෑල සම්බන්ධ කටයුතු

  11. සැලසුම් අංශයට අදාළ තොග ලේඛනය සහ ඉන්වෙන්ට්‍රි යාවත්කාලීනව පවත්වා ගෙන යාම.

  12. සැලසුම් අංශයේ මානව භෞතික අවශ්‍යතා සපුරා ගැනීම
    (i) අවශ්‍ය මානව සම්පත් පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,පරිපාලන නිලධාරී දැනුවත් කිරීම.
    (ii) අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් ගණකාධිකාරී දැනුවත් කිරීම.
    (iii) අවශ්‍ය භෞතික සම්පත් සම්බන්ධයෙන් ගණකාධිකාරී දැනුවත් කිරීම.

  13. දෙපාර්තමේන්තු කාර්ය සාධන වාර්තාව සම්බන්ධ කටයුතු සහ කාර්යයන් පිළිබඳ අදාළ පාර්ශවයන්ට තොරතුරු සැපයීම.

  14. අංශයට අදාළ සහකාර විගණකාධිපති/විගණකාධිපති විසින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම් සහ විගණන ඡේදවලට පිළිතුරු නියමිත කාලය තුළ ඉදිරිපත් කිරීම

  15. සියලු ජාතික විභාග ප්‍රතිඵල කලාප කාර්යාල මගින් ගෙන්වා ගැනීම, සාරාංශ කිරීම , විශ්ලේෂණ වාර්තා සකස් කිරීම

දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය
භාගත කිරීම්
2024 වර්ෂයේ රජයේ නිවාඩු දින
අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය
අධ්‍යාපන ආයතන තොරතුරු සංග්‍රහය මෙතැනින් භාගත කර ගන්න.

Department of Education Southern Province SPEDU